Forex price action Trading in Sinhala Candlestick Trading Part 02

Candlestick read කරන්න ඉගන ගනිමු .

0 9,425

දැන් අපි බලමු අපිට හදුනා ගත හැකි Candlestick වර්ග 5ක් සහ ඒ වයෙන් අපිට market එක ගන්න පුළුවන් අදහස .

Typical Candlestick

මේ අපිට හමු වන සාමාන්‍ය ආකාරයේ Candlestick වේ.එම Candlestick බුල්ලිෂ් වීමට හෝ bearish වීමට හැකිය. Candlestick එක ඔපෙන් වන විට පවතී price එකට වඩා වැඩි Price එකකින් candlestick එක close වීමක් සිදු වෙනවනම් එය Bullish Candlestick එකක් ලෙසද Close price Open Price එකට වඩා අඩු අගයක් සටහන් කරයි නම් එය Bearish candlestick එකක් ලෙසද හදුන්වයි .
මෙහිදී අපිට candlestick වල Body එක සහ සමහර විට shadow ඇති වී ඇති ආකාරය දැකිය හැකිය.පහත රුපය බලන්න.Price action Trading in sinhala

Marubozu

මෙහි තේරුම මුඩු candlestick කියන එකයි.මෙහිදී අපිට candlestick body එක පමණක් දැකිය හැකි වන අතර shadow දැක ගත නොහැකිය .bullish Marubozu candlestic එකක් ඇති වීමේදී market එකේ සම්පුර්ණ පාලනය Buyers ලා නතු කරගන හමාරයි ඒ වගේම market එක තුල වැඩි පුර buying activities සිදු වෙමින් පවතිනවා කියලා අපිට අදහසක් ගැනීමට හැකියාව පවතී..මෙවන් අවස්ථාවන් වලදී sellers ලගේ ක්‍රියාකාරකම් මන්දගාමී වී පවතී.. ඒ නිසා market price ඉහල යාම සිදු වේ.
.Bearish Marubozu candlesticඑකක් ඇති වීමේදී market එක තුල පවතින තත්වය වන්නේ market එක තුල sellers ලාගේ ක්‍රියාකාරකම් වර්ධනය වී ඇති අතර sellers ලාගේ ක්‍රියාකාරකම් මන්දගාමී වී පවතී.market එක sellers ලා හට නතු වී ඇත.එබැවින් market price පහල යා හැකි බවට ඉගියක් අපිට ලබාගත හැකිය.sinhala forex

දැන් මේ Marubozu candlestick දැක්කම අපි මොනවාද කරන්න ඕන

Bullish Marubozu candlestick දැකපු විටකදී short Position ලබා නොගත යුතුය.එනම් ඔබ sell orders යෙදීමෙන් වැළකිය යුතුය.
Bearish Marubozu candlestick දැකපු විටකදී Long Position ලබා නොගත යුතුය.එනම් ඔබ Buy orders යෙදීමෙන් වැළකිය යුතුය.

  • ඔබ Bearish Marubozu candlestick එකක් Bullish Trend එකක අවසානයේදී දකිනවානම් එය Trend Reversal වීමට හැකි බව පෙන්වන signal එකකි.එවිට බලන්න ඕන Bearish Marubozu candlestick එකට පසුව ඇති වන candlestick එක Bearish candlestick එකක්ද කියලා. ඔව්නම් එකෙන් අපිට පුළුවන් වැඩේ confirm කරගන්න .අපි එවිට එම ඇති වුන candlestick එකට කියනවා confirmation candlestick එකක් කියලා .දැන් අපිට Sell Trade එකකට Enter වෙන්න පුළුවන් .
  • ඔබ bullish Marubozu candlestick එකක් Bearish Trend එකක අවසානයේදී දකිනවානම් එය Trend Reversal වීමට හැකි බව පෙන්වන signal එකකි.එවිට බලන්න ඕන Bullish Marubozu candlestick එකට පසුව ඇති වන candlestick එක Bullish candlestick එකක්ද කියලා. ඔව්නම් එකෙන් අපිට පුළුවන් වැඩේ confirm කරගන්න .අපි එවිට එම .දැන් අපිට buy Trade එකකට Enter වෙන්න පුළුවන් .
  • ඔබ bullish Marubozu candlestick එකක් දකිනවනම් bearish Trend එකක් අවසානයේදී ඔබ sell Trade එකක් යොදලා පවතිනවිටදී ඔබේ profit අරගන Trade close කරලා දාන්න හැකිය.
  • ඔබ Bearish Marubozu candlestick එකක් දකිනවනම් Bullish Trend එකක් අවසානයේදී ඔබ Buy Trade එකක් යොදලා පවතිනවිටදී ඔබේ profit අරගන Trade close කරලා දාන්න හැකිය.

Doji Candlestick වර්ග සහ නිරූපිත අර්ථයන්.

doji candlestick ඇති වන අවස්ථාවන් වලදී market එක තීරණයක් ගන්න බැරිව ඉන්නේ කොහටද ඊළගට යන්නේ කියලා.එනම් buyers ලා සහ sellers ලා සම සමාව market එක තුල සිටි.
ඒ වගේම මෙහිදී candlestick open price එකෙන්ම candlestick close වීමද සිදු වේ.මේ doji candlestick වලට body එකක් නැහැ. ඒ නිසා color එකකුත් නැහැ.ඒ වගේම doji candlestick එකක් සදහා අපි trade කරන්න නම් අපිට confirmation candlestick එකක් ඇතිවෙනකම් ඉන්න ඕන .මොකද දැන් Market එක පවතින්නේ අවිනිශ්චිත තත්වයක බැවිනි.

අපි දැන් බලමු විවිධ Doji කංද්ලෙස්තික් වර්ග මොනවාද කියලා .doji in sinhala forex

Rickshaw man candlestick

එකක් පහත පරිදිය එහි ඇතිවන cross bar එක candlestick එකෙහි හරි මැදින් හෝ ඊට ආසන්නව ඇති වීමට හැකිය..
මෙම candlestick එක ඇති වීමක් uptrend එකක අවසානයේදී ඇතිවේනම් එය upternd එක අවසන් වීමට ලග බවට signal එකකි .එවිට අපි trade යොදන්න කලින් බලන්න ඕන confirmation candlestick එක කවර ආකාරයෙන් හටගනිද කියලා .පසුව තමයි අපි trade එකට enter වෙන්න ඕනRickshaw man candlestick.

Gravestone Doji Candlestick

මේ ආකාරයේ candlestick එකක් uptrend එකක අවසානයේ ඇති වේනම් market price එකට පහලට යන්න ඕන වෙලා කියලා අදහසක් අපිට ඇති කරගන්න පුළුවන්.අපි confirmation candlestick එක ඇති වෙනකම් සිටිය යුතුය.Gravestone Doji

Inverted Gravestone

Inverted Gravestone candlestick මේ ආකාරයේ candlestick එකක් down trend එකක අවසානයේ ඇති වේනම් market price එකට ඉහලට යන්න ඕන වෙලා කියලා අදහසක් අපිට ඇති කරගන්න පුළුවන්.අපි confirmation candlestick එක ඇති වෙනකම් සිටිය යුතුය.
මේ candlestick වර්ග දෙකම ඇති වන්නේ market එකේ අවිනිශ්චිත තාවය නිසා වේ.
ඒ වගේම doji candlestck පහත ආකාරයෙන්ද ඇති විය හැකිය.
ඒ වගේම සමහර අවස්ථාවන් වලදී doji candlestick වලට කුඩා body එකක්ද පැවතිය හැකිය.

Doji Candlestick එකක් ඇති උනාම මොකක්ද කරන්න ඕන.

මම කලින්ම කිව විදියට Doji candlestick එකක් ඇතිවන්නේ market එකෙහි අවින්ස්චිත භාවය නිසා වේ.මෙහිදී market එකට යන්න දිශාවක් තෝරාගන්න බැරිව ඉන්න අවස්ථාවන් වලදී තමයි මෙම candlestick ඇති වන්නේ.එවිට අපිට trade එකක් යොදන්න නම් confirmation candlestick එක ඇති වෙනකම් සිටිය යුතු වෙනවා.confirmation candlestick එක bullish candlestick එකක්නම් අපිට ඒ අනුව market direction තෝරාගත හැකිය.
confirmation candlestick එක bearish candlestick එකක්නම් ඒ අනුව අපිට market direction එක තෝරාගත හැකිය.

Hammer and hanging man

පහත රුපයේ ආකාර candlestick bearish trend එකක කෙළවර ඇති විනම් එය hammer එකක් ලෙස හදුන්වයි.එමෙන්ම මේ ආකාරයෙන් candlestick එකක් bullish trend එකක කෙළවර ඇති වේනම් එය hanging man ලෙසද හදුන්වයි.මේ candlestick ඇති වීමෙන් අපි trade එකක් යොදන්න නම් අපිට confirmation candlestick එකක් ඇති වෙනකම් සිටිය යුතු වෙනවා.Hammer-hanging-man-Forex sinhala
අපිට මෙමHammer and hanging man candlestick  වල මුලික ලක්ෂණ කිහිපයක් හදුනා ගත හැකි වෙනවා ඒවානම් පහත පරිදි වේ.
වැඩි දිගක් සහිත shadow එකක් දැකිය හැකිය.
candlestick body එක සාපේක්ෂව කුඩාය
upper shadow එක ඉතා කුඩා හෝ නොතිබිය හැකිය .

Shooting star

Shooting Star candlestick එක හරියට hammer candlestick එක අනිත් පැත්ත හරවලා ගත්තා වගේ පෙනුමක් තමයි තියෙන්නේ.
Up Trend එකක කෙළවර මේ ආකාරයේ candlestick ඇති විය හැකිය.එය bullish හෝ bearish candlestick එකක් විය හැකිය. ඒ වගේම down trend එකක ඇති වන shooting star එකට අපි inverted hammer කියලා කියනවා..
පෙර සදහන් කර පරිදි මෙමෙ candlestick අනුව Trade කිරීමටද අපිට confirmation candlestick ඇත වෙනකම් සිටිය යුතුය.shooting-star-confirmation-close_Fxsinhala

Leave A Reply

Your email address will not be published.