5 Ways Forex brokers Cheat You -Forex Brokers Review in sinhala

5 Ways Forex brokers Cheat You

0 13,094

ඔබට නොදැනෙන්න ඔබෙන් හොරකන් කරන Forex Brokers ලගේ කෙරුවාව.

Forex trade කරලා සාර්ථකත්වයට පත් වෙන්න ඕනනම් කරුණු කීපයක් එක වැර තෘප්ත වෙන්න ඕන.

 

1.ඔබට Profitable Trading plan එකක් තියෙන්න ඕන.

2.ඔබගේ Emotions control කරගැනීමේ හැකියාව තියෙන්න ඕන

3.විශ්වාසවන්ත Broker සමාගමක් සමග ගනුදෙනු කලයුතුවෙනවා .

 

ඔබ Retail Trader කෙනෙක් ලෙස අනිවාර්යෙන් Forex broker කෙනෙක් සම්බන්ධ කරගතයුතු වෙනවා ඔබට trade කිරීමට අවශ්‍යනම් .

විශාල මුදලක් සහිතව trade කරන වුර්තිය Traders ලා ,Money managers ,financial institute වැනි ආයතන  Trade කිරීම සිදු කරන්නේ කෙලින්ම බැංකු සමග.එයාලට එයාලගෙම platform එකක් තියෙනවා අපිට MT 4 වගේ .

 

ඔබ forex කරන කෙනෙක් හෝ කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔබ අනිවාර්යෙන්ම දැනගන්න ඕන ඔබගේ Forex Broker පිලිබදව කොහොමද ඔයාගේ Forex Broker සල්ලි හොයන්නේ කියලා

මේ දේවල් ගැන ලංකාවේ Trade කරන බොහොදෙනක් අහලවත් නැතිවෙන්න පුළුවන් ,ඒ නිසා තත්වයෙන් බාල සහ ඔබ trade කරලා උපයන මුදලින්  වැඩි පුර commissions ලබාගන්න brokers ලා සමග ලංකාවේ අය සම්බන්ද වෙලා තියෙනවා.කීවට තරහ වෙන්න එපා.ලංකාවේ මිනිසුන්ගේ සාක්ෂරතාවය 96% පැනල තිබ්බට බුද්දිය කියන දේ තියෙන්නේ සුළු ප්‍රමාණය කගේ විතරයි.

ඉතින් කව්රු හරි මෙයා තමයි හොදම කිවොත් ආයේ හෙවිල්ලක් බැලිල්ලක් නැහැ.එයා හොදයි.කව්රු හරි නරකයි කිවොත් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැහැ එයා නරකයි.මේ නිසා අපි ජාතියක් විදියටත් ගොඩක් පස්සට ගිහින් තියෙනවා .

 

හරි එහෙමනම් ඔයා trade කරනවානම් අනිවාර්යෙන්ම දැන ගන්න ඕන කොහොමද ඔයාගේ Broker සල්ලි හොයන්නේ කියලා .

මෙහෙම දෙයක් තියෙනවා ඒ ගැනත් සැලකිලිමත් වන්න ඕන  ගොඩක් දෙනෙක් forex Trade කරන්න එන්නේ Forex පිළිබද අල්පමාත්‍ර දැනුමක් තියාගන .එහෙමයි කියල forex කරන්න හෙන මොළකාරයෙක් වෙන්න ඕන නැහැ.අපි phone එකක් හදල තියෙන විදිය එකේ os ,hardware ගැන වැඩි දැනුමක් නැති උනාට අපි phone එක ලස්සනට පාවිච්චි කරන්න දන්නවනේ .ඒ වගේම forex වලත් හැම අස්සක් මුල්ලක් ම දැනගන්න ඕන නැහැ.නමුත් දැනගන්න ඕන ටික දැනගත්තේ නැතිනම් ඉතින් එතන ලොකු ප්‍රශ්නයක් .එක නිසා දැනගන්න ඕන ටික දැනගන්න

 

ගොඩක් forex කරන අලුත් අය Forex Trading  ගැන දැනුම ගොඩක් අඩුයි ,මේ නිසා එයාල ඉක්මනට loss වෙලා යනවා account එකේ සත පහක්වත් නැතිවෙන්නම් ,මෙයාල forex Trading නවත්තන්න කලින් කීප පාරක්ම account loss කරන අනාථ උන අය  වෙන්න පුළුවන්. මේ අය තමන්ගේ වරදින් loss වෙලා ගොඩක් වෙලාවට බනින්නේ තමන්ගේ Broker සමාගමට .ඒ නිසා අන්තර්ජාලයේ බොහෝ Reviews වයිරයෙන් යුතුව පලකල අදහස් විය හැකය.ඔබ උපදෙස් බලාපොරොත්තු වෙනවනම් ඒ උපදෙස් ලබාගන්න Profitable Trader කෙනෙකුගෙන් Looser කෙනෙකුගෙන් නෙමේ. ඒවගේම ඔබ වංචාකර broker කෙනෙකු සමග trade කරනවානම් ඉක්මනටම account loss වෙලා යන්න පුළුවන් මොකද සමහර brokers ලා කැමති Client loss වෙනවට මොකද එතකොට තමයි broker ට සල්ලි හම්බවෙන්නේ .ඉතින් broker ගොඩක් දේවල් කරනවා තිරය පිටුපස ඉදන් Client ව loss කරන්න .

අපි බලමු මොනවාද මේ වගේ brokers ලා කරන්නේ ඔබව loss කරවන්න කියලා .

 

1.0 Stop Loss Hunting .

මේ තමයි ඔබට නොදැනෙන්න ඔබව loss කරන්නන broker විසින් යොදා ගන්න එක ක්‍රමයක් .මේ ගැන අපි වැඩි දුරටත් Stop Loss Hunting කියන post එක මගින් කරුණු කතා කරලා තියෙනවා .Stop Loss Hunting පිලිබදව දැනුමක් ලබාගන්න සහ මේ Stop Loss Hunting කරන brokers ලාගෙන් බේරෙන්න Stop Loss Hunting post එක කියවන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා .stop loss hunting ප්‍රදාන ලෙසම කරන්නේ market maker brokers සමාගම් වේ.

 

2.0 Add High Markups 

 

මේ ක්‍රමය තවත් එක් ක්‍රමයක් brokers ලා මුදල් හොයන්න උපයෝගී කරගන්න ,සාමාන්යෙන් ECN /STP brokers ලාට commission එකට අමතරව Spread එක මගින් මුදල් උපයන්න අවස්ථාවක් නැහැ.සමහර broker සමාගම් liquidity providers ලා  සපයන  spread එකට අමතරව තව pip කීපයක් spread එක ලෙස අය  කරනු ලබයි. උදාහරණයක් විදියට Liquidity provider 0.5ක spread එකක් අය කරනවා කියලා හිතමු GBPUSD සදහා ,broker විසින් Spread එක ලෙස add කරනවා තව Pip 2-3 විතර එතකොට සම්පුර්ණ පිප 2.5-3.5 විතර Spread එක ලෙස අයකරගන්නවා commission එකට අමතරව.

 

ඔබගේ broker , ECN broker කෙනෙක් කියලා මේ වගේ දෙයක් කරනවානම් වහාම ඔබගේ account එක close කරලා මුදල් withdraw කරගන්න  ..

 

ඒ වගේම market maker brokers ලා කිසිම පාලනයක් නැතිව ඔව්න්ට කැමති spread එකක් අය කරගැනීමේ හැකියාව ඔව්න්ට ඇත.මොකද ඔබ යොදන trades ඔව්න්ගේ severs වලින් පිට යන්නේ නැහැ.එනම් Trades liquidity providers ට Transfer වෙන්නේ නැහැ.

 

3.0  High Leverage 

Leverage කියන option එක නැතිනම් අපිට Forex කරන්න බැහැ Leverage නිසා අපිට පොඩි මුදලකින් උනත් forex Trade කරලා සාපේක්ෂව ඉහල ලාභ ලබාගැනීමේ හැකියාව තියෙනවා. Leverage කියන්නේ ලීවරයක් කියන එකනේ වැඩි බරක් අඩු ආයාසයක් යොදල චලනයක් කරන්න අපි ලිවර උපයෝගී කරගන්නවනේ ,

 

දැන් මේ වැඩි Leverage එකක් හොද නැහැ කියන්නේ ඇයි .සමහර broker සමාගම් 1:1000,1:2000 Leverage දෙනවා අනේ මේ ඉතින් අපිට තියෙන පට්ට love එකටද මෙහෙම දෙන්නේ.වැඩියෙන් trade කරලා වැඩියෙන් හොයපන් කියල ,

අනේ නැහැ. මේ broker ගේ සාක්කුව ඉක්මනින් පුරවගන්න අටවන උගුලක් විතරයි…මේ වගේ වැඩි leverage සපයන broker සමාගම් වල Trade කරනවානම් පරිස්සමෙන් එයාල ආදරේ ඔබගේ සල්ලි වලට විතරයි.අන්න එක හොයාගන්න හොද කරුණක් තමයි මේ high leverage සපයන එක ..

මොකද මේ high leverage තිබ්බම වෙන්නේ අලුතින්ම Trade කරන්න එන පිරිස ඉන්නවනේ එම පිරිසෙන් 95% වැඩි පිරිසක් Loss වෙලා සතෙටම හිදෙන බව broker සමාගම් දන්නවා .ඒ නිසා මෙයාලා ලොකු Leverage එකක් සහිතව account open කරගන්න දිරිමත් කරනවා එතකොට වෙන්නේ අලුත් අය High Lot size වලින් Trade දන්නා පටන්ගන්නවා .

 

දැන් මොකද වෙන්නේ මෙයාලගේ අත්දැකීම් අඩු නිසා මෙයාලා ඉක්මනට loss වෙලා යනවා ,මෙයාලට Forex Trade ගැන අත්දැකීමක් ගන්නත් කළින්ම  මෙයාල loss වෙලා යනවා .අන්න ඒ දේ තමයි market maker broker කෙනෙකුට ඕන .Client  ගේ loss එක Broker ගේ profit එක .ඉතින් අන්න එකයි Trader අත්දැකීම් ලබාගන්න කලින් loss වෙන්න ඉඩ හදලා දෙන්නේ.නැතිනම් අත්දැකීම් අරන් client හොදට trade කරන්න ගත්තොත් ඒක broker ගේ  loss එකක්.

 

අන්න ඒ නිසා 1:200ට වඩා Leverage වලට වඩා  Trade account වලින් Trade කරන්න එපා.

 

මම දැක්ක එක Forex වෙබ් site( Lakforex )එකක සියලු දෙනා 1:500 Leverage එකට වැඩි කරගන්න කියලා.මේ වගේ ජරා මිනිස්සු බලන්නේ තමාට ලැබෙන commission එක වැඩි කරගන්න විතරයි.ඉගන ගන්න අයට හෙනවදුනත් කමක්නැහැ තමන්ට සල්ලි ලැබෙනවනම් කියලා .

 

4.0 Re Quoting 

 

ඔබ Trade කරන විටදී Trade එකක් open කරන්න යනකොට Trade එක open වෙන්නේ නැතිව Re quoting කියලා වැටෙනවද ?? එහෙම වැටෙනවානම් අදම ඔයාගේ account close කරලා සල්ලි withdraw කරගන්න .ඇයි එහෙම කරන්නේ .ඉතිරි ටිකත් කියවලම බලන්නකෝ ..

 

දැන් හිතන්න Market එක ඉක්මනින්ම ඉහලට යන්න ගන්නවා. දැන් ඔයත් Buy Trade එකක් දන්නා buy button එක click කරනවා ,නමුත් ඔයාට Trade එක යොදන්න දෙන්නේ නැහැ re quote වැටෙන්න ගන්නවා .මොකද දැන් ඔයත් Market එක ගමන් කරන දිශාව අනුව trade දන්නා යන්නේ.දැන් මේ trade එක buy order එකක් නිසා පහලම price එකකින් වැටුනොත් ඔයාට හොදයි හොද profit එකක් ලැබෙනවා .එතකොට එක Brokerගේ loss එකක් වෙනවා .ඒ නිසා ට්‍රාදේ එක Re quote කරලා buy order එකක්නම් පුළුවන් තරම් ඉහලින් open කරන්න වෙන විදියට වැඩේ කරනවා .මෙහෙම Re quote වෙනකොට සමහර විට Trader Trade open කරන එක නවත්තලා දානවා  .

 

sell order එකක් දන්නා ගියත් මේ වැඩේම කරනවා.ඊට පස්සේ අහන්න ඇයි Trade open කරද්දී Re quote කියයි ඒක වෙන්නේ market එකේ volatility  එක නිසා එක අපිට පාලනය කරන්න බැහැ කියලා .තනිකර අලි බොරුවක් එක

 

මේ විදියට Re quote කරන්න කීදෙනෙක් ඉන්න ඕනද ඔය බොරු කියලා හිතෙනවද.මේවා කරන්නේ manual නෙවේ .ඒවාට වෙනම software  තියෙනවා වෙනම setting තියෙනවා එයාලගේ platform වල . ECN/STP Brokers ලා කිසිම වෙලාවක re quote කරන්නේ නැහැ.මොකද එයාලට වැඩක් නැහැ ඔයාල profit ලැබුවා කියලා .එයාලා ගොඩක් කැමතියි ඔයාලා profit වෙනවනම් මොකද අපේ account ලොකු වෙන තරමට තමයි එයාලට ලැබෙන්නේ.

 

මේ විදියේ Re quote වෙනවනම් ඒ broker ගෙන් අයින් වෙන තරමට හොදයි.තීරණය ඔබේ.

 

5.0  Swap 

swap එක කියන්නේ ඔබ Trade එකක් close නොකර තියාගන ඉන්නවනම් දිනකට වැඩි කාලයක් ඔබට ගෙවන්න සිදු වන Interest එක වේ.මෙම අගය Central bank වලින් ලැබෙන interest rate එකට අනුව ගණනය වීම සිදු වේ. මෙම අගය සියලුම brokers ලගේ එකම අගයක්. ඔබ trade කරන broker වැඩි swap එකක් අය කරනවානම් ඔබ long time Trade කරන විට ඔබට වැඩි පුර මුදලක් ගෙවන්න සිදු වෙනවා.ඒ නිසා swap එක අඩු broker කෙනෙක් තෝරාගන්න Swap එක broker ගෙන් broker ට ස්වල්ප ලෙස වෙනස් වෙන්න පුළුවන් .ඒක ගණන් ගන්න එපා .ලොකු වෙනසක් තියෙනවනම් ඒක ප්‍රශ්නයක්.

දැන් ඔබට අවබෝධයක් තියෙනවා හොද forex broker කෙනෙක් හදුනා ගන්නා ආකාරය ගැන.ඔබ බුද්දීමත්ව ඔබගේ broker තෝරා ගත යුතු වෙනවා .

Leave A Reply

Your email address will not be published.