Sinhala Forex Top Scecrets In සිංහල

Forex sinhala Top Secrets from Experienced Forex trader

0 9,668

Forex Trading කරලා ගොඩයන්න ඕනද ?වලට යන්න ඕනද ?කරුණු 08 දැනගන්න

Forex trade කරලා සාර්ථක වන පිරිස 5% වෙද්දී අසාර්ථක වන පිරිස 95% වඩා වැඩි ප්‍රතිශතයකට වඩා වැඩි වන්නේ ඇයි .මෙම අසාර්ථක වන පිරිස ලංකාව තුල 95% වඩා වැඩි ප්‍රතිශතයක් දරන බව අවිවධාත්මකයි .අපි බලමු  සාර්ථක Forex trader කෙනෙකු බවට පත්වීම සදහා පහසුවෙන් අපි තුල ගොඩනගාගත යුතු කුසලතාවයන් ගුණාංග සහ තවත් වැදගත් තොරතුරු මොනවාද කියලා.

 

  • 01 Trade With unfair brokers

Nord forex reviews

ඔබ forex trade කරනවානම් ඔබගේ සාර්ථක බාවයට හෝ අසාර්ථක බාවයට ඔබ trade කරන්න තෝරා ගන්නා broker වැදගත් වෙනවා කියලා ඔබ මොහොතකවත් හිතුවද ?

නැහැ නේද .ඔබගේ සාර්ථකත්වයට Forex broker  ගේ බලපෑම ඉතාම ඉහලයි. සාදාරණ forex broker කෙනක් සමග trade කිරීම අතිශය වැදගත් .එසේ නොව්නොත් ඔබට බොහෝ කරදර වලට මුහුණ පෑමට සිදුවෙනවා. මේ කාලය තුලදී අපි බොහෝ ප්‍රමාණයක brokers ලා සමග ගනුදෙනු කරලා තියෙනවා . ඒ නිසා අපි හොදටම දන්නවා brokers ලා ගැන .ඒ පිලිබදව අපි සවිතරත්මකව කතා කරනවා.

 

පළමු වැදගත්ම දේ ඔබ වඩා විශ්වාසවන්ත Forex Broker කෙනෙකු තෝරා ගැනීමයි.

 

 

  • 02. නිවැරදි Forex Trading පිළිබද අධ්‍යාපනයක් නොලැබීම.

සිංහලෙන් forex Trading ගැන ලියවුන බොහෝ වෙබ් අඩවි සහ blog සොයාගන්න ඔබට පුළුවන් .සමහර වෙබ් අඩවි ඉතාම දුර්වල දැනුමක් සපයා ,පරිශීලකයා forex trade සදහා යොමු කරවීමට කටයුතු කර ඇති අන්දම ඉතාම පිළිකුල් සහගතයි ..මේ ය බොහෝ දෙනෙක් forex trading කරලා සල්ලි උපයන අය නොවෙයි .මේ අය forex Broker  සමාගමෙන් ලැබෙන commission එක පමණක් ලබාගන  forex  trade කරලා මාසයකට මෙචරක් හෙව්වා කියලා Screen  Shot දැන අයයි .මේ අය  මාසෙන් මාසෙට මෙචරක් හෙව්වා කියලා දාන කිසිදු Screen Shot එකක් මේ අය  Forex  Trade කරලා ලබාගත් මුදල් නොව. ඔව්න්ට Broker සමාගමෙන් ලැබෙන කොමිස් මුදල් පමණකි.ඉතින් මිනිසුන්ව මුලාවට පත් කරමින් දුර්වල දැනුමක් ලබාදෙන වෙබ් අඩවි වලට රැවටෙන්න එපා.. ඔබට වැරදුනා කියලා තේරුම් යද්දී ඔබගේ $500-$5000+ ඔබට අහිමි වෙලා තියේවි. ඒ නිසා නිවැරදි මුලික දැනුමක් සහ ක්‍රමානු කුලව ඉහල දැනුමක් ලබාගැනීමට ඔබ කටයුතු කල යුතුය.

 

සිංහල වෙබ් අඩවි අතරින් www.sumuforex.com  වෙබ් අඩවිය ගොඩක් හොද සේවයක් කරන බව කියන්න පුළුවන් .ඔව්න් forex මුලික දැනුම නිවැරදිව සපයා තියෙනවා.ඒ වගේම සාර්ථක Price action  methods කිහිපයක් ඔව්න් විසින් සපයලා තියෙනවා.ඒ වගේම පැහැදිලිව Macro Economic data පිලිබදව සදහන් කරලා තියෙනවා.මමද එම වෙබ් අඩවියේ කරුණු අදයනය කර ඇති කෙනෙක් ලෙස forex පිලිබදව මුලික දැනුම ග්‍රහණය කරගැනීමට එම වෙබ් අඩවිය නිර්දේශ කරනවා..

ඒ වගේම ඔබට තව තවත් දැනුම ඕන වෙනවා Forex  Trading  වලින් සාර්ථක වීම සදහා.ඔබට පහත දකවා ඇති වෙබ් අඩවි ඔබගේ Forex  Trading පිළිබද දැනුම වැඩි කරගැනීමට යොදාගත හැකිය

www.babypip.com  මෙම වෙබ් අඩවිය Forex වලට අලුත් සියලුම දෙනා අනිවාර්යෙන්ම පරිශීලනය කලයුතුය .වැදගත් කරුණු රැසක් අන්තර්ගතවෙනවා.

Forex4noobs  වදගත් කරුණු රැසක් අන්තගතවෙනවා .

ForexFactoryFourrm  අතිශය වැදගත් Forex Trade සම්බන්ද fourm එකක් , මෙහිදී forex trade කරන අයගේ අදහස් උදහස් හුවමාරුව දැනුම හුවමාරු කරගැනීම Trading Ideas හුවමාරු කරගැනීම ,Successful Trading Strategies එකිනෙක අතර බෙදාගැනීම සිදුවෙනවා.ඔබත් එම forum එකේ register වෙලා හෝ නැතිව දැනුම ලබන්නෙකු සහ දැනුම ලබදෙන්නෙකු බවට පත් වෙන්න.

 

තව අපි වෙනම post එකකින් කතා කරමු Forex Trade සදහා යොදාගන්න පුළුවන් නොමිලයේ ලබාගත හැකි දේවල් පිලිබදව.

 

  • 03.No money management.

ගොඩක් ලොකු සහ බරපතලම හේතුවක් තමයි Forex  Trade වලින් අසාර්ථක වෙන්න money  management  වල පවතින දුර්වල තාවයන් .money management ගැන සමහර forex  කරන අය අහලවත් නැහැ. එකට ඉතින් ඔයාලට වරදක් කියන්න බැහැ .forex ගුරාලා Forex Trading කියන්නේ market එක උඩට යනකොට buy orders දන්නා market එක පල්ලට එනකොට sell orders දන්නා කියලනේ. ගොඩක් ලොකුයි කියල පම්පෝරි ගහන වෙබ් අඩවි වල සාරාංශය තමයි ඒ. මේ වෙබ් අඩවි වග කියන්න ඕන Forex Trade වලින් මෙතරම් මිනිස්සුන් මුදල් නැති කරගන්න එකට .එක්තරා ලංකාවේ forum එකක මගෙන් forex පිලිබදව උදව් ඉල්ලපු කෙනෙක් ඔහු invest කරපු $1000ක මුදල දින දෙකකින් නැති කරගන මගෙන් උදව් ඉල්ලුවා .අහල බලපුවම කිසි ගානක් නැතිව 0.3 Lot  size වලින් trade දාලා තියෙන්නේ ලක් forex ගුරාගේ ඉගැන්වීම් තමයි .දවසට $200 හොයන්න ගිහින්

,forex කරනවා කියල දන්නේ order open කරන්නයි close කරන්නයි විතරයි.money management ,Risk  management ,ගැන කිසිම දැනුමක් නැහැ. මේ වගේ ඕන තරම් අය ඉන්නවා.අපි නිවැරදි money management ක්‍රම කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා .

 

  • 04.No Emotions control

Forex trading emotion Control in sinhala

සල්ලි හොයන්න කව්ද අකමැති නේද?කව්රුත් කැමතයි  සල්ලි හොයන්න.forex කොයි තරම් හොදට ඉගනගත්තත් වැඩක් නැහැ ඔබගේ හැගීම් පාලනය කරගැනීමට ඔබ අපොහොසත්නම් , මුල් කාලේදී මම Forex  Trade කරනකොට මට අලාබයක් පිට හෝ Stop loss එකෙන් trade close වෙන එක තරම් හිතට upset තවත් දෙයක් නැහැ . ඉතින් ඒ නිසා මම ගොඩක් ලොකු පාඩු විදගන්න සිදු උනා .$10-$20 loss එකකින් නවත්තා ගන්න තිබ්බ Trade $200-$300 වගේ ගානකින් මට Close කරන්න සිදු උනා .එහෙම close නොකර ඉන්න බැරි වෙන මට්ටමට Free Margin අඩු වෙන්න පටන්ගත්තා.

පස්සේ මම තේරුම් ගත්තා  මම ලොකු වැරැද්දක් කරනවා කියලා. මම ඒ වරද හදාගත්තා. මම පාඩු පිට Close වෙන Trade කිසිම වෙලාවක හිතන්නේ නැහැ.හිතල දුක් වෙන්නෙත් නැහැ.තව trade එකක් යොදලා අර පාඩුව cover කරගන්න යන්නේ නැහැ.මම ඉස්සර එහෙම කරා මට වැරදුනා. එක පිට එකපිට trade loss  උනා .ඇයි හිතේ තිබ්බේ අර නැති උන සල්ලි හොයාගන්න තියන උන විතරයි.

පස්සේ මම මේ වැරදි හදාගන Trade කරලා අවරුදු 2කක කාලයකදී $9000කට ආසන්න මුදල්  ප්‍රමාණයක් ලංකාවට ගෙන්වලා තියෙන බව කියනේ බොහොම නිරහංකාරව. මම මේ මුදල් හොයන්න invest කරපු මුළු මුදල $1000කට අඩුයි..පස්සේ දැන් අවරුදු තුන හමාරකින් විතර ලංකාවෙන් පිට එකම සත පහක් මම පිටරට යවලා නැහැ.ගෙන්වලා විතරයි තියෙන්නේ මම දැන් හැම මාසයකම $400-$600 අතර මුදලක් ගෙන්වනවා. මේ ගාන පොඩි ගානක් තමයි .. සමහරු හිතයි අවරුදු ගානක් කරලා මෙචරද හෙව්වේ කියල. ඔව් මෙච්චර තමයි. මොකද මම Trade කරන්නේ ලොකු account එකකින් නෙමේ. හැබැයි මගේ ඉලක්කය ටිකක් ලොකුයි .ඒ ඉලක්කයට මම හෙමින් හෙමින් යනවා.හදිස්සියක් නැහැ.මොකද හදිස්සි වෙලා ඉස්සර මම ඇන ගත්තා ලෙල්ලටම.කියන්න ලජ්ජා නැහැ අන්තිමට ඉන්ටෙර්නෙට් බිල ගෙවන්න සල්ලි නැතිව ගියා මුල් කාලේදී , මේ  හැමදේම උනේ මගේ පාලනය මට නැති උන නිසා.තමන්ගේ පාලනය ඉතාම අවශ්‍යයි forex  Trade කරද්දී ,නැත්නම් ගොඩක් ලොකු දුෂ්කරතාවයන් වලට මුහුණ දෙන්න වෙයි.

  • 05.කාලෙන් කාලෙට එක එක Forex Trading Strategy වෙනස් කරන්න එපා

ඔබට සාර්ථකව Forex Trade කෙනෙක් වෙන්න ඕනනම් ඔබ දිගුකාලීනව ඔබට ගැලපෙන Strategy එක සහ trading plan එකට අනුව trade කිරීම කලයුතු වෙනවා. එක තැනක දකිනවා මම මේ ක්‍රමයෙන් මෙචරක් හෙව්වා කියල,ඔන්න පටන්ගන්නවා ඒ ක්‍රමයට Trade කරන්න. පස්සේ අනාගන්නවා ,ආයේ කොහේ හරි ඉන්න අපතයෙක් කියනවා මම මේ indicator එක හරි Robot එක බාවිතා කරලා මෙචරගනක් හෙව්වා කියලා නිකන්නම් දෙන්න බැහැ මමත් මේක සල්ලි දීලා ගත්තේ ,ඕන කෙනෙක් ඉන්නවනම් $500ක් දෙන්න,දෙන්නම් කියනවා.අනේ ඉතින් ඔය කෙප්ප වලට අහුවෙන කේප්ප වස්සෝත් ඉන්නවා.එකරලා $500ත් නැති කරගෙන Robot දාලා account එකටත් කෙලවගෙන තමයි අන්තිමට නතරවෙන්නේ.ඔබට හරියන ක්‍රමය තෝරාගන්න ඒ ක්‍රමයට මාස 3ක් වත් Trade කරන්න.ගැලපෙන්නේ නැතිනම් වෙන එකකට යන්න.නැතිව දවසින් දෙකින් Trading method වෙනස් කරන්න යන්න එපා.

 

 

  • 6.Over Trading

 

මේ Over trading ආකාර දෙකකට වෙන්න පුළුවන්,

වැඩි lot size  වලින් අඩු Trade ප්‍රමාණයක් යෙදීම .

අඩු lot size  වලින් වැඩි Trade ප්‍රමාණයක් යෙදීම

මේ ක්‍රම දෙකම වැරදි ,මේ දේවල් වෙන්නේ emotions controller නැති උනාම .අපි තෝරා ගන්න ඕන අපිට කිසි බයක් නැතිව trade කරන්න පුළුවන් lot size එක ,සහ වරකට අපිට Trade කියක් ගැටලුවකින් තොරව manage කරගන්න පුලුවන්ද කියලා. ඒ ගැන මම වෙනම පොස්ට් එකකින් කියලා දෙන්නම්.

ඔයාට සාර්ථක වෙන්න ඕනනම් Over Trade කරන්න යන්න එපා.

 

  • 07 .No Risk  capital Trade with debts

 

තමාට ආයෝජනය කරන්න මුදලක් තියෙන්න ඕන ,ආයෝජනය කියන දේ සමග risk එක බැදී පවතිනවා රිසක් එකක් නැතිව ආයෝජනය කරන්න අමාරුයි.එහෙමනම් fixed deposit එකක් දාලා හරි Land buy කරන්න හරි පුළුවන් මේ දේවල් වලින් සාමන්‍ය මුදලක් හොයන්න 2-5 millions වත් අවම තියෙන්න ඕනනේ. forex කරන්න එහෙම සල්ලි ඕන නැහැ.

මුලිකවම දේ තමයි ණයට  අරන් ,පොලියට අරන් ,හෝ වෙන විදියකින් මුදල් හොයගන ඒ කියන්නේ ඒ මුදල නැති උනොත් තමන්ට ප්‍රශ්නයකට මුහුණ පන්න සිදු වෙනවනම් ඔබ ආයෝජනයට සුදුසු අවස්ථාවක නෙමේ ඉන්නේ විශේෂයෙන්ම forex market එකේ. ඒ නිසා ඔබට ප්‍රශ්නයක් නොවන ආකාරයෙන් යොදවිය හැකි මුදලක් තියෙනවනම් පමණක් forex Trading සදහා ආයෝජනය කරන්න.එහෙම නොව්නොත් වෙන්නේ ඔයාගේ emotions control කරගන්න අපහසු වෙන එකයි.ඊට පස්සේ වෙන දේ ඉතින් කියන්න ඕන නැහෙනේ .

 

  • 8.0 Cut Your Losses Early, Let Your Profits Run

මෙන්න වැදගත්ම point එකක් ඔයා සාර්ථක වෙන්න බලපාන ,Trade එකට enter වෙන්න හදිස්සි වෙන්න එපා trade එක යොදන්න හොදම වෙලාව එනකම් බලන් ඉන්න, candlestick read කරලා ,support ,Resistance Levels නිවැරදිව බලලා Trend එක බලල ,High economic news බලල Trade එකට Enter  වෙන්න .

Trade එක යොදදී Stop Loss Limit එක අනිවාර්යෙන්ම Set කරන්න. Stop Loss අගය වෙනස් කරන්න යන්න එපා. loss එක අවම කරගන්න බලන්න හැම විටම ,උදාහරණයක් විදියට කියන්නම් ,

අපි Sell order එකක් යොදනවා 1.4000, stop loss අගය හදනවා 1.4050 pip 50ක් ඉහලින් ,දැන් Gbp/Usd  අපේ වෙලාව හොද නිසා ඉහලට යනවා 1.4040ටම අවා කියලා හිතමු.ඔන්න දැන් පොඩ්ඩක් හිතට upset වෙනවා තව ටිකකින් Trade එක close වෙයිද Stop Loss අගයෙන් දැන් කරන්නේ stop loss අගය අදිනවා උඩට ,1.4070ට ගන්නවා ,දැන් ඔන්න තව තව market එක ඉහලට එනවා ඇවිල්ල 1.4060ට විතර එනවා. දැන් මල කෙලියයි අදිනවා තවත් ටිකක් උඩට Stop Loss එක 1.4100 ටම අදිනවා .දැන් gbp usd රවුම් අගයන් වලට යන්න ගොඩක් කැමැතයි ,දැන් ඔන්න 1.4090 වගේ අගයට එනවා.දැන් loss එකත් හොදටම වැඩයි.Trade එක Stop loss එකෙන් close වෙයි කියලත් බයයි.

හිතනවා දැන් 1.4100ට ඇවිත් අයෙත් පහලට එයි කියල ඒ නිසා Stop loss අගය Trade Modify කරලා නැති කරලා දානවා දැන් Trade එකට Stop loss අගයක් නැහැ.Trade Limit එකක් නැහැ .දැන් ඉතින් බලන් ඉන්නවා උගුඩුවා වගේ Price එක පහලට එනකම් ,දැන් තවත් ඉහලට යන්න ගන්නවා price එක දැන් ඉතින් අන්තිමට Account එකම loss වෙනකම් බලන් ඉන්නවා නැතිනම් account balance එකෙන් බාගයකටත් වඩා වැඩි loss එකකින් Trade close කරනවා බයටම තවත් අල්ලන් හිටියොත් තියෙන ටිකත් නැතිවෙලා නාන්නස්තර වෙයි කියලා ,ඔය දේ තමයි වැඩි දෙනෙකුට වෙන්නේ.සහ මටත් මුලදී උනේ. ඒ නිසා loss එක පුළුවන් තරම් අවම වෙන විදියට Trade එකේ stop loss හදන්න ,හැදුවොත් හදුවමයි.ස්ථාවරේ ඉන්න ,වෙනස් කරන්න යන්නනම් එපාමයි .

 

අනිත් වැදගත් දේ තමයි හොදට profit වෙන trade එකක් වගේ පේනවනම් අල්ලන් ඉන්න උපරිම profit එකක් ලැබෙනකම් .Stop loss අගය profit පැත්තට අරන් ,trade එකට නිදහසේ ඉන්න දෙන්න pip 20-30 profit උනගමන් Trade close කරලා දාන්නේ  නැතිව ,

 

මිනිස් ස්බවය තමයි ඕක.පොඩි ප්රෝෆිට් එක හරි ගන්නවා ඇයි බයයි loss එකක් එයි කියලා .. profit ඉක්මනට book කරගන්න ඕන අවස්ථා තියෙනවා ඒ වගේම profit Trade පුළුවන් තරම් ප්රෝෆිට් කරගෙනම close කරන්න .නැතිනම් වෙන්නේ  ,ඔන්න පිප 20 ගැනේ trade 3ක් එක දිගට ප්‍රොෆිට් ගන්නවා එතකොට පිප්  60ක profit එකක් ඇවිල්ලා ,ඔන්න දැන් එක ට්‍රාදේ එකක් loss වෙනවා pip  60ක් දැන් වැඩක් තියෙනවද එක දිගට trade  3ක් profit උනා කියලා එක trade එකක් loss උනගමන් අර trade 3ම profit එක ගිහින් ඉවරයි. අන්න ඒ නිසා තමයි කියන්නේ ,loss එක අවම කරගන,Trade එකකින් ලැබෙන profit එක උපරිම කරගන්න කියලා.නැත්තම් වෙන්නේ සති ගානක් හොයපුව දවසෙන් කුඩු වෙලා යනවා බලන් ඉන්න තමයි.

 

එකද කරන්න ඕන ..එකද ඕන ..ඒක නෙමේනේ ඕන ,සල්ලි හොයන්නනේ ඕන.එහෙනම් සල්ලි හොයන්න එන්න.නිකන් Loss වෙන Trade එක්ක love කරන්න යන්න එපා.දන්නවනේ business එකක් කරන්නේ ලාභ  පාඩු දෙකම එනවා කියලා forex වලදීත් එහෙමයි.අන්තිමට මාසේ අවසානේ profit කරලා තියෙනවනම් එචරයි..

ඔබ දන්නවද forex Trading වලින් වැඩිම සාර්ථකත්වයක් ලබන්නේ ගැහැණු පාර්ශවය කියලා. මොකද ගැහැණු අය ටිකක් අවධානම් වැඩ කරන්න අකමැතයි එයාලා over Trade කරන්න යන්නේ නැහැ ,වැඩි lot size වලින් trade කරන්නේ නැහැ. ඒ වගේම ගැහැණුන්ගේ පිරිමින්ට වඩා දරාගැනීමේ ශක්තිය ඉහළයි ඒ නිසා ස්බවිකවම ගැහැණු පාර්ශවයට Forex තුලින් සාර්ථක වීම සදහා හැකියාව ලබා දීලා තියෙනවා ..

කියන්න තියෙන දේවල් ටිකක් සැරට කීවා වදින්න ඕන තැන්  වලට වදී .රිදෙන්න ඕන තැන්  වලට රිදෙයි.හොද දේ හොදයි කියන්නත් නරක දේ නරකයි කියන්නත් කාටවත් බයවෙන්න ඕන නැහැ.

 

Leave A Reply

Your email address will not be published.