Forex trading sinhala Wanna be Successful Trader

0 4,251

Forex Trade කරන ඔබ දැනගෙනත් නොදැන ඉන්න වටිනා කරුණු 03 .

Forex trade කරන්න යන වියදම් මොනවාද සමහර විට සමහර දෙනෙක් DVD ,පොත් ,තව Forex සම්බන්ද සම්මන්ත්‍රණ වගේ දේවල් වලට මුදල් යොදවලා තියෙන්න පුළුවන්. ඒ වගේම තව සමහරු signals ගන්න මුදල් යොදවලා තියෙන්න පුළුවන් . නමුත් ඔබ දන්නවා අන්තර්ජාලය කියන්නේ මිල කල නොහැකි සම්පතක්. අපිට ඕන දෙයක් ඉගන ගැනීමට පහසුකම බොහෝ විට ඔබට අන්තර්ජාලය පහසුකම් සපයලා තියෙනවා. නමුත් හැම දේම කාටවත් ඔබට බලෙන් පොවන්න බැහැ .ඔබ තුල ඉස්මතු කරගතයුතු ඔබ තුල රෝපණය කරගතයුතු ඔබ තුල වර්ධනය කර ගත යුතු ඉතාම වටිනා ගුණාංග කිහිපයක් තියෙනවා ඔබ සාර්ථක Forex  trader කෙනෙක් වෙලා ඉදිරියට යන්න හිතනවානම්.

මේ දේවල් කාට හරි සල්ලි දීලා ගන්න බැහැ මේ දේවල් තමන්ටමයි කරගන්න පුළුවන්. තමන්ටමයි දුයුණු කරගන්න පුළුවන් .

  • කාලය (TIME)

sinhala forex trading_Fxsinhala

කාලය කියන්නේ මුදල් ,නැහැ කාලය කියන්නේ ඊටත් වඩා ගොඩක් ලොකු වටිනාකමක් ඇති දෙයක්. මුදල් අද නැතිනම් හෙට හොයන්න පුළුවන් ,මුදල් හම්බ කරන්න පුළුවන් ,එත් කාලය ගියොත් ගියාමයි .නැවත එක තප්පරයක්වත් ආපසු ගෙන්වන්නවත් කාලය උපයන්නවත් අපිට බැහැ කාලය ගෙවී යන එක විතරයි වෙන්නේ. forex  trade වලදී කාලය කොහොමද වැදගත් වෙන්නේ .ඔබට forex Trading ගැන ඉගන ගන්න යම්කිසි කාලයක් අවශ්‍යයි . මොන දේ ඉගනගන්නත් යම් කිසි කාලයක් අවශ්‍යයි . නමුත් ඒ සදහා ගොඩාක් කල් ගන්න එපා. ඇති තරම් කාලයක් ගන්න නමුත්.වැඩිපුර කාලයක් ගන්න එපා.සමහර අය  අවරුදු ගණනාවක් Forex Trade  කරත් ඔව්න්ගේ කිසිම progress එකක් නැහැ.එහෙම වෙන්නේ එ අය  හරි පාරට වැටිලා නැහැ.ඔබ ඉක්මනට හරි පාරට වැටෙන්න ඕන. එකට කාලය නාස්ති කරන්න එපා. හැමදේම පිළිවෙලට ඉක්මනට ඉගනගන්න . අලුත් අලුත් දේ ග්‍රහණය කරගන එම දැනුම මානව සංවිධානාත්මකව ප්‍රයෝගිකව යොදවන්න. කාලය කා දමම්මින් වැඩක් නැති දේ පසු පස යන්න එපා ඔබට සාර්ථක වෙන්න අවශ්‍යනම් .නිවැරදිව කාලය කළමනාකරණය කරගන්න ඔබට පන්න පන්න ඒවායේ ප්‍රතිපල ලැබෙනවා .

  • ඉවසීම (Patience )Sinhala forex teading

Forex Trading වලදී ඉවසීම කියන්නේ කියලා නිමකරන්න බැරිතරමේ වටිනා දෙයක් ..forex Trading  වලදී මොනවටද ඔබ ඉවසීමෙන් ඉන්න ඕන.,

ඔබ ඉවසන්න ඕන හොද Strong Trade setups develop වෙනකම් market එකේ .එහෙම ඉවසන්න පුලුවන්නම් ඔබ දිනුම් ,අනිවාර්යෙන්ම ඔබ ඉවසලා ඉන්න ඕන පැහැදිලි Trade setup එකක් හැදෙනකම් .

මෙහෙම ඉවසුවා කියලා ඔබට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ .trade කරද්දී ඔබ විතරක් නෙමේ ඉවසන්නේ forex වලින් සාර්ථකව අදායම් උපයන අය  සියලුම දෙනා ඉවසනවා .

ඒ නිසා ඔබ තනිවෙලා ඔබ විතරක් කරන දෙයක් නෙමේ forex Trading වල ඉවසන එක ඔබට ඉවසන්න බැරිනම් forex Trading වලදී ඔබට ඇපත් නැති වෙන්නම sorry වෙනවා වැඩි කල් නොගොස්.

හිතන්න 8-5 ජොබ් කරන අය කොහොමද ඉවසන්නේ එයාල බස් වල Train වල තෙරපිලා අමාරුවෙන් ,රස්නෙන් පිඩා විදගෙන දාඩිය දාගන තමන් වැඩ කරන තැනට දවස් 5ම හරියටම වෙලාවටම යන්න ඕන .පොඩ්ඩක් හරි පරක්කු උනොත් ඉවරයි .ඉතින් එයාලට ඒ  දේට ඉවසීම තියෙන්න ඕන .

එකරලා 5.00 වෙනකම් ඉවසන් ඉන්න ඕන ගෙදර යන්න.5 වෙනකම් ඉන්න බැහැ කියල ගෙදර ගියොත් මොකද වෙන්නේ ඒ මනුස්සයට ජොබ් එකත් ඉවරයි ,ඒ වගේම වැඩ කරන තැන දහසක් දේවල් ඉවසන්න ඕන ,

හිතන්න docter කෙනෙක් ගැන ඒ doctor හැමදාම hospital යන්න ඕන ,රාත්‍රී කාලයේත් වැඩ කරන්න වෙනවා හදිස්සි ලෙඩ්ඩු එනවා රෑ මැද නිදන් හිටියත් ප්‍රතිකාර වලට ඉක්මනට එන්න ඕන.

පස්සේ PP කරනවානම් hospital එකෙන් ගිහින් අයෙත් රාත්‍රී 8.30 විතර වෙනකම් රෝගීන් බලන්න වෙනවා ඉවසීමෙන් රෝගීන්ට ඇහුම්කන් දෙන්න වෙනවා.ඔවුන්ගේ රෝග විනිශ්චය කරමින් නිවැරදිම බෙහෙත් ලබාදෙන්න ඕන ,ඉතින් docter කෙනෙකුට මොන තරම් ඉවසීමක් තියෙන්න ඕනද තමන්ගේ රැකියාව කරගන යන්න .

doctor කෙනෙක් කියන්නේ තමන්ගේ ජිවිතේ ලොකුම ලොකු කාලයක් සමාජය වෙනුවෙන් කැප කරන උතුම් රැකියාවක් . නමුත් doctor කෙනෙක්ට මේ දේවල් ඉවසන්න බැරුව රෝගීන්ට බනිමින් ,හරියට වැඩ නොකර ඉදියොත් මොකද වෙන්නේ  තමන් කරන PP එක වහගන්න වෙනවා ඉස්සෙල්ලම ,පස්සේ job එකටත් හානි වෙන්න පුළුවන් එතකොට බලන්න doctor කෙනෙකුගේ ඉවසීම ඔහුට ගොඩක් දේවල් ලබාදෙනවා ,හොද ඉවසීමෙන් කතා කරලා කරුණාවෙන් ලෙඩ්ඩුන්ට සලකන doctor කෙනෙක් දැක්කත් ඇති ලෙඩ හොද වෙනවා කියලා කියමනක් අපි අතර තියෙනවනේ ,හොදට ලෙඩ්ඩුන්ට කතාබහ කරලා ඉන්න doctor කෙනෙකුගේ PP එක බලන්න මිනිස්සු පෝලිමේ ඉන්නේ බෙහෙත් ගන්න.ඉතින් Doctor ඉවසීම doctor  ට හොදට ගෙවනවා .

හිතන්න ගුරුතුමෙක් මොන තරම් ඉවසන්න ඕනද. එක එක දැනුම් මට්ටම් වල ඉන්න විවිධ ආකාරයේ සිසුන්ට උගන්වන එක කොයි තරම් අමාරුද කොයි තරම් ඉවසීමක් තියෙන්න ඕනද ?

  • Business එකක් කරනවානම් ගනුදෙනු කරුවන් එක්ක පුළුවන් තරම් ඉවසීමෙන් කටයුතු කරන්න ඕන.

 

ඉතින් එහෙනම් ඇයි forex වලදී ඔබට ඉවසන්න බැරි එහෙම ඉවසන්න බැරි අය ඉන්නවනම් අනේ පින් සිද්ද වෙයි forex Trading කරන්න හිතන්නවත් එපා.සල්ලි ටික විනාස කරගෙන කාලයත් විනාස කරගන forex trade කරන එකේ කිසිම තේරුමක් නැහැ.

Forex Trade වලදී daily ,Weekly ,Monthly Chart වල හොද strong Trade setup  ගොඩ නැගෙනකම් ඉවසීමෙන් ඉන්න ,වෙන රස්සා වගේ නෙමේ forex Trading වලදී ඉවසීමට ගෙවනවා පන්න පන්නා ඩොලර් වලින් .

daily weekly chart වලින් හොද Trade setup එකකට Trade කරොත් අපිට පිප 500-4000ක ඉලක්කයකට උනත් යන එක අමාරු නැහැ එක trade එකකින් ,මගේ trade life එකේ මම එක trade එකකින් ගත්ත වැඩිම පීප් ගණන 670ක් පමණ මම Trade එක යෙදුවේ 0.01 ලොට් size එකෙන්  trade එක close කරනොකට $66කට අසන්න ලාබයක් ගත්තා ,swap එකටත් සමනය පොඩි ගණනක් කැපිලා තිබුනා .

ඉතින් පට්ටම සතුටයි මෙහෙම Trade දාගන්න පුළුවන් උනහම.පේනවනේ ඉවසීම ගෙවන විදිය ,ඉවසන්නේ නැතිව අපිට Forex Trade වලදී ක්‍රියා කරන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා බලනන ඔබ මොනවාද මේ දේවල් වලින් කරේ කියලා මේ post එක ලියන මොහොතේ මගේ Trade තුනක profit එක බලන්න ,මම trade දාලා තියෙන්නේ 0.01 මට බැරිද .05 දන්නා අනේ බැරි කමක් නැහැ .දාල මට මෙහෙම සැනසීමෙන් ඉන්න පුලුවන්ද ,ඒ දාපු trade 3ම පිප 70 ට වඩා ලාබයි ,ඉතින් එතනම $21ක් විතරනේ ,පොඩි ලොට් size පාවිචි කරපුවම බයවෙන්න කිසිම දෙයක් නැහැ ,ප්රෝෆිට් එනකම් ඔහේ ඉදියකි ,මගේ ඉලක්කය මේ trade තුනෙන් $50ක profit එකක් ගන්න එක .

Trade එකක් දාගන්නකම් හදිස්යි කිසිම හෙවිල්ලක් නැහැ ටිකක් strong විදියට markt එක move වෙනවනම් ඉක්මනට Trade යොදනවා.

Trade එකක් දෙකක් යොදල නතර වෙන්නේ නැහැ ,වැඩියෙන් හොයන්න හිතන් Trade 7-8 ක් දාගන්නවා ,තමන්ගේ Account  balance එකට හානියක් නොවී ඒ යොදන trade manage කරන්න පුලුවන්ද කියලා එක විනාඩි 5ක් ඉවසීමෙන් බලන්න බැහැ …

  • සමහරුන්ට ලොකුම lot size එකෙන්ම trade දන්නා ඕන නැතිනම් ගතියක් නැහැ .

ඉවසලා  මේ වගේ ලොකු lot size එකකින් trade කරොත් මට මොනවා වෙයිද ,ලොස්ස් එකක් අවොත් මට කොයි තරම් පීප් ගානක් මට නැතිවෙයිද ,stop loss එකෙන් trade එක close උනොත් මගේ account එකෙන් කොයි වගේ ප්‍රතිශතයක් නැති වෙයිද ?පස්සේ නැති උනාගන හොයන්න මට කොයි තරම් කාලයක් යයිද ,මේ දේවල් හිතන්න එක විනාඩි 5ක් ඉවසීමෙන් වෙලාව වෙන් කරගන්න ,බලන්න ඔබ profitable Trader කෙනෙක් වෙන්නේ නැතිද කියලා

  • සමහර අය ඉන්නවා උදේ නැගිටපු ගමන් Traade එකක් දාගන්න ඕන ,ඇයි පොඩ්ඩක් ඉවසලා හොදට market බලලා ලෝකේ වෙන්නේ මොනවාද කියලා බලන්න තරම් ඉවසීමක් ඇති කරගන්න බැරි ,
  • සමහර අය ඉන්නවා pip 10ක් පහලවක් profit උනගමන් Trade close කරගන්නකම් ඉවසීමක් නැහැ ,පුළුවන් තරම් trade එකකින් ගන්න පුළුවන් profit එක ගන්න බලන්න ,නැතිනම් වෙන්නේ Trade 20කින් හොයන මුදල එක loss වෙන Trade එකෙන් අහිමි වෙන එකයි.එකෙන් දවස් ගණනක මහන්සිය අපතේ යනවා.

දැන් ඔබට පේනවා ඇති අපි කලින් කථා කරපු කරුණ කාලය ඉවසීම නිර්මාණය කරන බව ,ඔබ ඉවසීමෙන් trade කරනවානම් ඔබට ඩොලර් දහස් ගණන් ,ලක්ෂ ගණන්,මිලියන ගණන් හොයන්න පුළුවන් වෙන කාලයක් එනවා .

වෙන business වගේ නෙමේ Forex වලදී අපේ ඉවසීමට අපිට හොදටම ගෙවනවා .වෙන වෙන business කොයි තරම් ඉවසුවත් කොයි තරම් කැප උනත් යම් මට්ටමකින් එහාට යන්න අපහසුයි .නමුත් forex Trading වලදී ඔබට සීමාවක් නැහැ ,ඔබට කැමති තරම් මුදල් හොයන්න පුළුවන් .

 

ඉතින් බලන්න ඔබට කොයි තරම් වටිනවද ඉවසීම forex Trading වලදී ඒ නිසා ඉවසන්න .ඉවසලා හොද trade එකක් දාලා ගන්නකො ලස්නට profit කව්රුත් මොකවත් කියයිද.තමාටත් ලොකු සතුටක් සැනසීමක් ලැබෙනවා තමගේ pocket එකත් පිරෙනවා ඉතින් එහෙමනම් ඉවසීමේ අගය ගැන තවත් කියලා දෙන්න ඕන නැහැ කියලා හිතනවා.

මොකද Forex Trade කරන්න එන්නේ ගොන්නු නෙමේනේ ..මෙචර කියලත් පිළිගන්න බැරි වෙන්න නේද ?

 

  • Trade කිරීමේදී ඇති වන ආතතිය (Stress )

ඕනෑම business එකක් කිරීමේදී ආතතියක් ඇති වෙනවා මොකද මුදල් සමග කරන ගනුදෙනුවක් නිසා,සහ අපිට ජිවිත වලට මුදල් ලොකු බලපෑමක් කරන නිසා නිතැතින්ම මුදල් සමග ගනුදෙනු කිරීමේදී stress එකක් දැනෙනවා .  Forex Trading කිරීමේදීද අපිට ආතතියක් දැනෙන එක සාමාන්‍ය දෙයක් ,නමුත් අපිට කිසිම ආතතියකින් තොරව Forex  Trading කරගන යාමට පුළුවන්.

සමහරු හිතන් ඉන්නේ ගොඩක් stress ගොඩක් risky දෙයක් විදියට .මේ පුස් බියක් විතරයි.මේ ආතතිය දැනෙන්නේ සහ risky බව ඇති වන්නේ තමන් trade කරන විදිය අනුව තමයි.

හිතන්න යම් කිසි කෙනෙක් ආයෝජනය කිරීම සදහා මුදලක් නොමැතිව එනම් loss උනත් ප්‍රශ්නයක් නොවන මුදලක් නොමැතිව තමන්ට අත්‍යවශය මුදලක් යොදාගන Trade කරන්න පටන් ගත්තා කියලා හිතන්න .දැන් ඔහු ට නිකන්ම ආතතියක් ඇවිල්ලා ඉවරයි තමන්ට මේ මුදල් loss උනොත් කියන හැගීම හැම වෙලේම දන්නෙන්න ගන්නවා .ඉතින් මේ විදියට උනාම අලුත් දේ ඉගන ගැනීමට හිතක් ඇති වෙන්නේ නැහැ .

ඒ වගේම නිවැරදිව Forex Trade ගැන ඉගන ගැන නැතිව,තමන්ට ගැලපෙන Trading Method එකක් නොමැතිව ,කිසිම Risk management ගැන දැනුමක් නැතිව,Trade කරන්න පුළුවන් උපරිම Lot Size වලින් Trade යොදමින් උපරිම Trade ගණනක් යොදමින්,Tight Stop loss අගයන් යොදමින් Trade කරන කෙනෙකුට Stess වෙන එකත් Forex කියන්නේ ගොඩක් Risky දෙයක් කියන එක අහන්න දෙයක් නෙමේ. තමන්ම තමයි මේ ආතතිය නිර්මාණය කරගන්නෙත් මේක risky business එකක් බවට පත් කරගන්නෙත් ..

ඒ නිසා තමන් දැනගන්න ඕන ආතතියකින් තොරව Trade කිරීමට මග පාදා ගැනීම සදහා කටයුතු කිරීමට.ඔබ අතිනුත් මේ ආකාරයෙන් වැරදි කරනම් හෝ කරමින් ඉන්නවනම් දැන් ඒ වැරදි හදාගන්න කාලයයි.අලුත් විදියට හිතලා සාර්ථක වෙන්න පටන්ගන්න ඕන කාලය සහ දැනුම ඔබට අත් දැකීම ලබපු කෙනෙකුගෙන්ම දැනගන්න ලැබුනා ඒ නිසා ඔබගේ මාර්ගය තෝරගන ස්ථාවර ගමනක් යන්න.

Leave A Reply

Your email address will not be published.