What is Inflation ,Interest rate ,Unemployment Rate,CPI

Forex Trading කරන්න කලින් අර්ථිකය හැසිරෙන හැටි දැනගන්න .

0 4,255

ආර්ථිකය ,මුදල් ,උද්ධමනය ,රැකියා අනුපාතය එකම රෝදයක දැති set එකක් ද ?

 

මුදල් කියලා අපි හිතන්නේ  ,මුද්‍රණය කරපු කඩදාසි ,බැංකු පොතේ තියන ඉලක්කම් ගණන. නමුත් මුදල කියන්නේ මිට වඩා ගොඩක් ලොකු අර්ථයක් තියෙන දෙයක් .

අතීතයේ තිබුනද මුදල් නැහැ ,අතීතයේ තිබුනේ බණ්ඩ හා සේවා හුවමාරුවක්.මොනවා හරි අපිට නැති දෙයක් ඕනනම් අපි ගාවා තියෙන දේ දීලා අපිට නැති අවශ්‍ය දේ අපි ලබාගන්නවා ,මේ දේ තමයි goods or service exchange වලදී මුලිකවම වෙන්නේ .අපිට ප්‍රස්ථා පිරුලකුත් තියෙනවනී ඔය සම්බන්දව ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා.

මේ මුදල් සමග ආර්ථිකය බැදිලා එය චක්‍රාකාරව ගමන් කරන  හැටි තමයි මේ post එකෙන් අපි කතා කරන්නේ මේ post එක දහ සැරයක් හරි කියවලා හරියට අවබෝධ කරගන්න .ඔබට ලෝකය ආර්ථිකය අනුව වෙනස් වෙන හැටි හොදටම අවබෝධ වෙන්න ගන්නවා .economic News ගැන expert කෙනෙක් වෙන එක මේ පොස්ට් එක හරියට අවබෝධ කරගන්නවානම් ඔබටත් පුළුවන් .

රත්තරන් ඇයි මෙච්චර වටින්නේ ??

දැන් අපි අයෙත් කතාවට යමු.දැන් බොහෝ ඉස්සර කාලයේ  goods or service exchange වීම සිදු උනා. මෙහි ප්‍රයෝගික ගැටළු බොහොම තබ්බා .පස්සේ පස්සේ මිනිස්සු රන් රිදී වගේ වටිනා ලෝහ හොයා ගත්තා . මේ ලෝහ උණු කරන්න ඉගන ගත්තා. පසුව විවිධ විවිධ හැඩ මවන්න දැනුම ලබාගත්ත .පසුව රන් රිදී කාසි අවා මේ ගනු දෙනු අතරට .දැන් ගනු දෙනු ගොඩක් ලේසි වෙන්න ගත්තා. ඒවගේම තමයි .මේ රන් රිදී හදන එක ලොකු ක්‍රියාවලියක් මේ දේ දන්නා කීප දෙනෙක් තමයි හිටියේ.අදටත් එහෙමනේ අපිට රත්‍රන් නිස්සරණය කරගන්න බැහැනේ. ඉතින් ඉස්සර මේ දේ ගොඩක් අමාරුයි අදටත් වඩා. එතකොට මේ රන් රිදී කාසි වලට ලොකු වටිනාකමක් ලැබුනා.මොකද සැපයුම ඉතාම සිමතයි.ඒ නිසා තමයි සිටුවරු එහෙම බිහි වෙන්නේ රන් කාසි තියෙන.

කව්ද මේ Trustees මොනවාද මෙයාලා කරන්නේ.??

මම අහලා තියෙන විදියට චිනේ තමයි ඉස්සෙල්ලම රන් රිදී කාසි බාවිතා කරලා තියෙන්නේ.කොහොම හරි දැන් රන් රිදී කාසි බාවිතය ඇරබුනා .නමුත් මේවා හොර සතුරන්ගෙන් ආරක්ෂාකරගන්න ඉස්සර මිනිස්සුන්ට සැහෙන්න අමාරු උනා ,සල්ලි තියාගන නිදහසේ නින්දක් නැතිව ගත කරන්න සිදු උනා .පසුව මේ දේවල් නිසා මේ දේපල අරක්ෂකරන්න විශ්වාසවන්ත පුද්ගලයන් ඉදිරිපත් උනා ,මේ අය Trustees ලා ලෙස හදුන්වනවා (භාරකරුවන් ) මේ අය ගාව රන් රිදී තැන්පත් කරලා තැන්පත් කරබවට සහතික කරගත් ලියකියවිල්ලක් ලබාගැනීම ඇරබුනා .

මේ නිසා ගනු දෙනු කරන එක තවත් පහසු උනා ,සහ ආරක්ෂාවත් තර උනා .ඇයි දැන් මොනවා හරි ගන්න ඕන උනාම රත්‍රන් කාසි මල්ලක් අරන් යන්න ඕන නැහැනේ .දැන් මේකෙන් මොකද වෙන්නේ මිනිස්සු Trustees ලා ගාව රන් රිදී තැන්පත් කරනවා විතරයි ලෙසියකින් ගන්නේ නැහැ අර ලබාදෙන සහතික කල ලියවිල්ල බාවිතා කරමින් ගනුදෙනු කරන්න පටන්ගත්තා.

දැන් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ Economic එකට මොකද ඉල්ලුමට අනුව විතරයි සැපයුම තියෙන්නේ.

 

දැන් කෙමෙන් කෙමෙන් මිනිස්සු මේ කාසි උපයන්න ,කෘෂිකර්මාන්ත ,මාංශ වෙළදාම ,රෙදි පිලි ,උපාංග ,අදයාපන ,වෙද්‍ය වගේ සේවා සපයමින් මේ Drafts උපයන්න පටන්ගත්තා . දැන් මේ drafts වලට ඉල්ලුම වැඩි වෙන්න ගත්තා.

හොරා පොලිස් සෙල්ලම පටන්ගත්තා.

දැන් මෙතෙන්ට එනකම් කතාව මේකයි.අපි ගාව රන් කාසි 1000ක් තියෙනවා අපි මේ රන්කාසි 1000 විශ්වාසවන්ත පිළිගත් පුද්ගලයෙක් ගවා තැන්පත් කරනවා. ඊට පස්සේ එම පුද්ගලයා සහතික කරන ලද ලියවිල්ලක් දෙනවා රන්කාසි 1000ක් තැන්පත් කරබවට .දැන් මේ ලියකියවිල්ල ඕනෑම වෙලාවක ඇවිල්ලා පෙන්නලා තමන්  තැන්පත් කරපු රන්කාසි 1000 අරන් යන්න පුළුවන්.මේ සරල කතාව දැනට අපි දැනගත්තු

දැන් ඒ එක්කම  Trustees මිනිස්සු රන් රිදී තැන්පත් කරනවා විතරයි අපහු ගන්නේ නැහැ. Trustees ලා ගාව රන් රිදී ගොඩ ගැහෙනවා . දැන් කපටි Trustees  මේක හොද සල්ලි උපයන මාර්ගයක් බවට පෙනෙන්න ගන්නවා මොකද මෙයාලා කරන්නේ හොරට Drafts නිකුත් කරනවා. එකරලා මෙයාලා ගොඩක් දේපල වත්කම් මිලට ගන්න පටන්ගන්නවා. දැන් වෙළදපොලට අමතර මුදලක් ඇවිල්ලා තියෙන්නේ. ඇයි දැන් රන්කාසි වල වටිනාකමට වඩා වැඩයි Draft වල සදහන් රන්කාසි ගණන .

 

දැන් මේ දේ නිසා ආර්ථිකයට එල්ල වෙන්නේ මොන වගේ බලපෑමක්ද ?

 

ඔබ දන්නවා ඉල්ලුම සහ සැපයුම තමයි බණ්ඩයක හෝ සේවාවක මිල තීරණය කරන්නේ .ඉල්ලුමට වඩා සැපයුම වැඩි උනාම මිල පහල යනවා  පොල් පලදරන කාලයක් තියෙනවා නේ වැඩි පුර ඒ කාලෙට පොල්ගෙඩියක් රුපියල් 20-30 ට ගන්න පුළුවන්. කලේ ඉවර උනාම රුපියල් 60-100 ට පොල්ගණන් යනවනේ.

ඒ කියන්නේ ඉල්ලුම ,සැපයුම මත තමයි මිල රදා පවතින්නේ ,

Trustees ලා හොරට Drafts නිකුත් කරන්න කලින් සංසරණය උන රන්කාසි ප්‍රමාණය ආර්ථිකයට අවශ්‍ය රන්කාසි ප්‍රමාණයයි . මිනිස්සු පතල් හැරලා ගොඩක් දීර්ග ක්‍රියාවලියකින් පසුව තමයි.රන් කාසි නිර්මාණය කරගත්තේ .ඒ නිසා කාටවත් ඕන ඕන විදියට රන්කාසි හදල බාවිතයට ගන්න බැරි උනා. ඒ නිසා රන් කාසි වලට ලොකු වටිනාකමක් තිබුනා .ඔබට රන් කාසි 1000ක් වටින ගෙයක් ගන්න ඕනනම් හරියටම රන් කාසි 1000ක වටිනාකමක් ගෙවන්න උනා.නැතිනම් රන් කාසි 1000ක් වටිනා popular Trustee කෙනෙක් සහතික කරන ලද Draft එකක් ලබාදෙන්න උනා. දැන් මේ draft එක ගත්ත පුද්ගලයට Draft එක Trustee කෙනෙකුට දීලා රන් කාසි 1000ක් ගන්න පුළුවන්.

එකේ තේරුම තමයි ඇත්තම රත්තරන් තමයි හුවමාරු වෙලා තියෙන්නේ.

මොකක්ද මේ හැමෝම කතා වෙන උද්දමනය ??

නමුත් මේ Trustee විසින් හොරට නිකුත් කරන ලද Drafts නිසා කෘතීම buying power එකක් නිර්මාණය වෙන්න ගත්තා.හිතන්න 100000 ක රන්කාසි ප්‍රමාණයක් සංසරණය නගරයක් තුල මේ ප්‍රමාණය දෙගුණ වෙනවාTrustee නිකුත් කරන හොර Drafts නිසා . දැන් වෙන්නේ මොකක්ද රන් කාසි ගොඩක් තියෙනවා වගේ පෙනෙනවා ආර්ථිකයේ නමුත් ඇත්තටම නැහැ.සමහර Goods and service සල්ලි තිබුනට හිටපුගමන් supply වැඩි කරන්න බැහැ මේ නිසා වෙන්නේ Goods and service වල මිල ඉහල යන එකයි .මේ විදියට වේගයෙන් Goods and service වල මිල ඉහල යාම inflation උද්ධමනය ලෙස හදුන්වනවා. මම මෙතන උද්දමනය අර්ථ දක්වන්නේ නැහැ උද්දමනය කියන එක සරලව පැහැදලි කිරීමක් විතරයි සිදු කරේ.

 

මේ Fake Draft ආර්ථිකයට එන්න කලින් මුදල් සහ Goods and service අතර logical බැදීමක් තිබුනා මිල උච්චාවචනය වීම සදහා දැන් එය බිද වැටෙන්න පටන්ගන්නවා ,මිනිස්සු අතේ මුදල් තියෙනවා buying power වැඩි වෙනවා ,supplyers ලා සහ producers ලා මේක දකිනවා .නමුත් යම් යම් කාරණාවන් නිසා සමහර  Goods and service අවශ්‍ය තරමට produce කරන්න බැහැ .මේ නිසා එන්න එන්න මිල වැඩි වෙනවා ඉවරයක් නැතිව .

 

දැන් මේකෙන් වෙන්නේ නියම වටිනාකම රන් කාසි 1000 උන නිවස රන්කාසි 2000ක් දීලා ගන්න වෙන එකයි .

 

මෙන්න මේ  Trustees ඉස්සර කරපු දේම තමයි  ලොව පුරා central bank දැන් සියවස් ගණනාවක සිට සිදු කරගන යන්නේ ( පළමු central bank එක ආරම්භ උනේ 1668 වර්ෂයේදීය එය නමින්  Swedish Riksbank, ලෙස වේ.)

 

මහ බැංකු මගින් අවශ්‍යතාවයට වැඩියෙන් මුදල් print කරමින් බෙදාහරින්න පටන්ගත්තා සහ තවත් කරනවා සහ ඉදිරියටත් කරගන යනවා .මේ නිසා  වැඩි වීම කිසි දාක නවතින්නේ නැහැ .මේ විදියට බැංකු වලින් මුදල් මුදාහරින්න මුදාහරින්න වෙන්නේ inflation වේගයෙන් වැඩි වෙන්න පටන්ගන්න එක දැන් මිනිස්සුන්ට අමාරු කම් දැනෙන්න ගන්නවා. දැන් මේ වැඩි වන inflation උද්දමනය අඩු කරන්නත් බෙහෙත තියෙනවා Central bank සතුව. මොකක්ද මේ බෙහෙත

පොලී වැඩි කරලා සල්ලි ටික බැංකුවේ දාලා පොලියෙන් කමු.

 

inflation අඩු කරන්න මහා බැංකුවෙන් ආර්ථිකයට විදින බෙහෙත .

බෙහෙත තමයි මහබැංකුව මගින් පොලි අනුපාතය වැඩි කරනවා (Interest Rate ) දැන් මොකද වෙන්නේ මිනිස්සු හිතු හිතු විදියට සල්ලි වියදම් කරන්නේ නැහැ .දානවා bank එකේ සල්ලි ටික.ඇයි දැන් පොලි වැඩිනේ .සල්ලි ලේසියෙන්ම හොයන්න පුළුවන් බැංකුවේ සල්ලි ටික දානවා වැඩි පොලියක් ගන්න .

 

දැන් මොකද වෙන්නේ මිනිස්සු සල්ලි වියදම් කරනවා අඩු වෙනවා .සල්ලි ඉතිරිකරනවා easy money හොයන්න bank වලින් .දැන් වෙන්නේ Goods and service  වලට අර ඉස්සෙල්ල තිබුන ඉල්ලුම demand එක අඩු වෙනවා .දැන් මොකද වෙන්නේ කර්මාන්ත ශාලා හිමිකරුවන් Goods and service නිෂ්පාදකයන් තමන්ගේ නිෂ්පාදනය කපහරිනවා ඇයි මිනිස්සු බදු ගන්නේ නැහැනේ.

දැන් මේකෙන් පහර වදින්නේ කාටද රැකියා කරමින් සිටි අයට  අහිමි වෙනවා කර්මාන්ත ශාලා වලින් සේවකයන් අස් කරනවා .

දැන් මොකක්ද වෙන්නේ unemployment ලා ප්‍රමාණය වැඩි වෙනවා .රටේ unemployment Rate එක වැඩි වෙනවා .දැන් දුප්පත් මිනිස්සු bank වල save කරලා තිබුන සල්ලිත් අදිනවා .එකරලා වියදම් කරනවා මේකෙන් වෙන්නේ පෝසත් මනුස්සයට තව තවත් සල්ලි ලැබෙන්න ගන්නවා .දුප්පත් මිනිහා තවත් දුප්පත් වෙන්න ගන්නවා.

 

දැන් මේ වගේ Unemployment ලා වැඩි උනාම unemployment people  unemployment insurance file කරනවා .insurance company කැමති සල්ලි ගන්න විතරයි .සතපහක්වත් දෙන්න වෙනවනම් ඇගෙන් ඇටයක් යනවා වගේ තමයි. දැන් මොකද මේ insurance company කාරයන් කරන්නේ. දන්නවනේ මේ වගේ ආයතන වල කොටස් වල හිමිකම් කියන්නේ හොද හොද බලපුලුවම් කාර මිනිස්සුනේ.එයාලට ආණ්ඩු සමගත් ලොකු සම්බන්දතා තියෙනවා. දැන් මේ මිනිස්සු කිසිම් වෙලාවක් පාඩු දරන්න කැමති නැහැනේ .මේ අය මේ අයගේ බලපුලුවම්කර කම් වලින් මහබැංකු වලට බලපෑම් කරනවා.

 

දැන් මහා බැංකු නැවත interest rate එක අඩු කරනවා .දැන් මිනිස්සු සල්ලි අරන් වියදම් කරන්න පටන්ගන්නවා unemployment rate අඩු වෙන්න පටන්ගන්නවා .නමුත් දැන් CPI consumer price index  අඩු වෙන්නේ නැහැ .

බලන්න්නකෝ පහත ප්‍රස්ථාරය දිහා .දිනෙනේ දින CPI අගය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ.

ලංකාවේ CPI කාලය සමග වෙනස් වීම පහත දැක්වේ .. ඇමරිකාවේ CPI වෙනස් වීම පහත පරිදි වේwhat is consumer price index sinhala (2).ඔබට පෙනෙනවා පාරිබෝගික මිල දර්ශනය නැවත තිබ්බ තත්වයට එන්නේ නැහැ එන්න එන්න වැඩි වීම විතරයි වෙන්නේ. එහෙම මේ චක්‍රය වෙනස් කරන්නත් බැහැ එහෙම වෙනස් කරන්න ගියොත් දැවැන්ත ආර්ථික අර්බුද වලට රටක් ලෙස මුහුණ පන්න සිදු වෙනවා .එනම් දැන් interst rate එක අඩු උනත් inflation අඩු වීමක් සිදු වෙන්නේ නැහැ .

 

දැන් ඔබට පැහැදිලිව අවබෝධ වෙන්න ඇති මුදල් ,inflation ,interest rate ,unemployment,CPI වගේ කරුණු ආර්ථිකය සමග බැදී පවතින ආකාරය .මේ චක්‍රය හොදට ඔළුවට ගන්න .ඔබට ආර්ථිකය හැසිරෙන ආකාරය පිලිබදව ලොකු දැනුමක් ලැබේවි.

Leave A Reply

Your email address will not be published.