What is Market Maker Broker?How to Choose a Forex Broker

Market Maker Broker කෙනෙක් වංචා කරන අකාරය.

0 5,164

 ඔබත් Market maker Forex Broker  කෙනෙකුගේ ගොදුරක්ද ?

ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි,හොද විශ්වාසවන්ත Forex Broker කෙනෙක් තෝරා ගන්න එක.නමුත් අවාසනාවට ගොඩක් දෙනා ඉතාම වංචනික brokers ලා හට රැවටිලා ඇත.

ඔව්න් loss උනාම හිතන්නේ loss වීමට එකම හේතුව තමන් කියලා.නමුත් ඔබ නොදැන සිටියට ඔබගේ forex Broker ඔබව loss කරන්න සැහෙන්න ගේමක් ඔබට නොදන්නෙන ගහනවා.
මෙම ලිපියේ අරමුණ වනුයේ Forex Brokers ලා පිලිබදව දැනුවත් කිරීමයි.
ප්‍රධාන වශයෙන් Forex Brokers ලා වර්ග දෙකක් සිටි.
2.Market Makers 
අපි මෙහිදී කතා කරන්නේ market maker brokers ලා පිලිබදවයි.
Market maker කෙනෙක් කියන්නේ මොන වගේ දෙයක්ද ?
මෙහිදී  සරලව පැහැදිලි කිරීමක් කිරීම තමයි මගේ අරමුණ.
මම market maker කෙනෙක් මම currancy buy sell කරනවානම් .මම Currancy buy /sell කරනවානම් මම එයට ගාස්තුවක් අරගන්නවා. දැන් ඔයාට USD ඕන වෙලා තියෙනවා .හිතන්න ඔයාට USD 1000ක් ඕන .මම කියනවා  USD 1000ක් ඕනනම් මට 156000LKR ඕන කියලා .
දැන් මේ ගනුදෙනුව වෙනකොට USD වල   exchange rate 155 නම් මම ඉල්ලන්නේ $1ට 156LKR ගානේ .මේ ගනුදෙනුවෙන් මට 1000LKR ලාබයක් එනවා.

දැන් මෙතන Market එක කව්ද ?

මෙතැනදී market එක මම.මම තමයි මිල තීරණය කරන්නේ .මම currancy විකිණීම හෝ මිලදීගැනීම මට ඕන මිලකට සිදු කරනවා .

මොකටද මම මේ දේ කරන්නේ.

කිසි කතාවක් නැහැ Profit එකක් ලබාගන්න තමයි මම මේ දේ කරන්නේ.මම මෙහිදී Fee එකක් ය කරනවා.ඒ වගේම මම Bid /Ask price අතර වෙනස එනම් Spread එකක් තියාගන්නවා.එතනිනුත් මම profit එකක් තියාගන්නවා,
මට කෙමති මිලක් මට කියන්න පුළුවන්.දැන් බලන්න ලංකාවේ බැංකු කීපයක් ඩොලරයට ගෙවන මිල.එක එක බැංකු එක එක මිලවල් තමි ගෙවන්නේ. නමුත් මේ මිල පරාසයන් ගොදක් ලොකු වෙනසවල් නැහැ.
ඒ වගේ තමා market maker ක්කෙනෙක් වන මටත් මගේ price එකක් ඉදිරිපත් කරන්න පුලුවන්.

Market Maker කෙනෙක් වෙන එක නරක දෙයක්ද.?

කොහෙත්ම නැහැ.market maker කෙනෙක් කරන්නේ අවශ්‍ය සේවයක් සපයන එක.සහ එයින් ලාබයක් ලබන එක.මගේ Fees වැඩිනම් ඔබට පුළුවන් වෙන කෙනෙක් ගාවට යන්න.

Forex Broker කෙනෙක් Bad Market Maker කෙනෙක් වෙන්නේ කොහොමද?

ඔන්න දැන් තමයි අපිට වැදගත් කොටස එන්නේ.Market Maker කෙනෙක් නරක් වෙන්නේ කොහොමද.
ඔබ දන්නවා අපි Trade කරන්න platform එකක් ඕන වෙනවා එය MT 4 /C Trader වගේ වෙන්න පුළුවන්
දැන් කොහොමද මේ market Makers ලා අපිට වංචා කරන්නේ.
Market makers ලා සමග ඔබ යොදන Trade ඔව්න්ගේ Servers වලින් පිට යන්නේ නැහැ.ඔබ යොදන Trade වල සම්පුර්ණ පාලනය ඔව්න්  අතේ තියෙන්නේ .
කිසිම market maker Broker කෙනෙකුට හරිනම් හොර වැඩ කරමින් profit හොයන්න අවශ්‍ය නැහැ.මොකද 95% අලුත් Traders  ලා තමන්ගේ මුදල loss කරගන්නවා.
නමුත් මොවුන් සල්ලි වලට කෑදරයි.මොවන්ට client ට මොනවා උනත් කිසි ප්‍රශ්නයක් නැහැ.
මොවන් client Loss කරන්න විවිඩ උපක්‍රම යොදනවා.Stop Loss Hunting ,High Leverage,No deposit Bonus,Dealing desk,Re-quoiting ,High Swaps fees,Slippage 
දිගින් දිගටම ඔව්න් Client Profit කරනවානම් ඒක Broker ගේ loss එකක්.එතකොට අර win කරන Trader සදහා ගෙවන්න අනිත් client ලව loss කරන්න විවිධ උපක්‍රම යොදනවා.
බැරිම උනොත් කිසිම දැනුම් දීමකින් තොරව Account  Ban කරලා දානවා.නැතිනම් මුදල් Withdraw කරන්න යනකොට සල්ලි ගන්න දෙන්නේ නැහැ.
මේ ආකාරයේ ජනප්‍රිය වංචාසහගත Broker කෙනෙක් තමයි. Nordfx Broker .
මෙම broker කිසිම පැකිලීමක් නැතිව හොදට profit කරන account ban කරනවා.
$1000ට වැඩිය Withdraw කරනවානම් බොහෝ වෙලාවට account ban කරනවා.
Nord fx broker ගැන අපි දීර්ඝ විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඔබ දන්නවද Nordfx  Broker ලංකාවේ Clients ලා බිලිබගන්න LA***EX admin හට පිටරට වල සංචාරයන් පවා ලබාදෙන බව.
මෙවන් ආකාරයේ clients ලගේ සල්ලි හොරාකන හොර broker සමාගම් වලින් ඉවත් වීම ඔබගේ වගකීමකි..
දැන් ඔබ දන්නවා Market Maker කෙනෙක් හොර පාරෙන් සල්ලි උපයන ආකාරය.ඔව්න්ට අවශ්‍ය වෙන්නේ ඉතාම ඉක්මනින් ඔබව loss කරන එක පමණයි.
එසදහා ඔව්න් ඔබව දිරිමත් කරනවා Leverage 1:500ට වඩා වැඩි අච්චොඋන්ට් open කරන්න.එතකොට කපටි broker දන්නවා client වැඩි lot size වලින් Trade කරනවා කියලා.
එවිට ඉක්මනටම client ගේ මුදල් ටික සාක්කුවේ දාගන්න broker හට අවස්ථාව උදාවෙනවා .
අවසානවශයෙන් කියන්න තියෙන්නේ හොර market maker Brokers ලා හට අහු වෙලා මුදල් නැති නාස්ති කරගන්න එපා.
Thank You
තව කෙනෙක් දැනුවත් කරන්න share කරන්න.
පස්සේ කියවන්න Bookmark කරන්න.

Leave A Reply

Your email address will not be published.