What is Stop Loss Hunting? සිංහලෙන්ම දැනගන්න .

Forex Trading Stop Loss Hunting

0 7,052

ඔබේ Forex Broker හොරාට හොරට දඩයමේ යනවද?

 

ඔබ දන්නා විදියට Forex brokers ලා මුදල් උපයන එකම ආකාරය වන්නේ අපි යොදන trade එකෙන් spread එක ලෙස pip කීපයක් අය කරගැනීමයි.විවිධ brokers ලා විවිධ pip අගයන් spread එක ලෙස අය කරගැනීම සිදු කරයි.

මේ ආකාරයෙන් spread එකක් අය කිරීම මගින් මුදල් උපයන එක තමයි Brokers ලා හට මුදල් උපයන්න පුළුවන් නිත්‍යානු කුල එකම ක්‍රමය වන්නේ .නමුත් විවිධ වූ අසාධාරණ සහ කුට ක්‍රම මගින් brokers ලා මුදල් උපයන්න පෙළබි තියෙනවා .

  • මේ stop loss hunt කිරීමද එක්තරා ක්‍රමයක් brokers ලා විසින් අයුතු ලෙස මුදල් උපයිම සදහා භාවිතා කරන.

ඔබ දැනටම දන්නවා ආකාර දෙකක brokers ලා සිටිනවා ,

එනම් ECN /STP  සහ market maker  brokers ලා ,එච්න්/STP brokers ලා Client විසින් යොදන ලබන Trade ඔව්න්ගේ Liquidity providers ලා වෙත යොමු කිරීම සිදු කරයි. නමුත් market maker brokers ලා Dealing desk එකක් පවත්වා ගැනීම සිදු කරන අතර ඔව්න් කිසිම විටක client යොදන trade ඔව්න්ගේ sever එකෙන් පිටතට යාමට ඉඩ දීමක් සිදු කරන්නේ නැත.

විශ්වාශ දායක හොද brokers ලා සැමවිටම කැමතියි තමන්ගේ clients ලා profit කරමින් account balance වැඩි කරගන්න එකට නමුත් market makers ලා මේකට කොහෙත්ම කැමති නැහැ මොකද Client profit කරොත් එක market maker broker ගේ loss එකක් ,client loss නම් එක Market maker ගේ profit එකක් වෙනවා.what is stop loss hunting_Forex sinhala

 

හරිනම් market maker brokers ලා කිසිම හොර වැඩක් කරන්න ඕන නැහැ ,මුදල් හොයන්න මෝකද 95% වඩා වැඩි නවක Traders ලා Forex Trade කිරීමෙන් loss වෙනවා ,නමුත් සමහර brokers ලට ඉක්මනට සල්ලි ඕන .මොකද එයාලට ගොඩක් ලොකු වියදම් යනවා advertising ,Mt 4 software සහ ඔව්න්ගේ staff නඩත්තු කිරීමට සහ තව බොහෝ දේවල් සදහා මේ සදහා ඔව්න් මුදල් සෙවිය යුතුයි ,මේ නිසා මොවුන් හොරට කුට උපක්‍රම යොදමින් Client loss කිරීම සදහා පියවරගන්නවා .එම කුට උපක්‍රමයක් වන Stop loss hunting කරන ආකාරය ගැන දැන් අපි සවිස්තරව බලමු .

 

හිතන්න ඔබ Trade එකක් යොදනවා GBP /USD වලට අදාලව 1.45000 දී buy order එකක් ලෙස . ඔබ stop loss අගය සකසනවා පීප් 100ක් පහතින් එනම් 1.44000 දැන් market එක ඔබේ Trade එකට විරුද්ධව යන්න පටන්ගන්නවා එනම් market එක පහලට යන්න පටන්ගන්නවා ,මෙහෙම පහලට ගිහින් 1.44050 ට market එක ආසන්න උනා කියලා හිතමු .දැන් Stop loss limit එක hit වෙන්න තව පිප 5යි තියෙන්නේ .broker විසින් spread එක ලෙස pip 2කක අය කරගන්නවා කියලා හිතමු ,දැන් market maker broker විසින් සිදු කරන්නේ තවත් පීප් 3ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකින් spread එක වැඩි කිරීමයි. market maker කෙනෙකුට හිතුන හිතුන විදියට spread add කරන්න පුළුවන් මොකද market එක ඔව්න්ට ඕන ආකාරයට හසුරවන්න හැකියාව තියෙනවා . දැන් real market price එක 1.40050 උනාට spread එක ලෙස add කරන pip දෙකයි ඔව්න් විසින් හොරාට add කරන pip 3යි නිසා market price එක 1.44000ට එනවා .Trade එක close වෙලා යනවා .

 

නමුත් ඇත්තටම market එක එතනට ආවේ නැහැ .නමුත් Trade එක close උනා pip 100ක loss එකක් client වෙත ඇති වෙනවා එවිට මේකෙන් ලබා ලබන Market Maker Broker විසින් pip 100ක Profit එකක් ලබාගත්ත .

මේ විදියේ ක්‍රම මගින් Client ගේ මුදල් තමන් සතු කරගැනීමට market maker broker විසින් සිදු කරනු ලබයි.

මෙසේ stop loss hunt කිරීමට පුහුණු උන employees ලා broker සමාගම් තුල සිටි.එසේ නැතිනම් Robot ලා මගින් Stop loss hunt කිරීම සිදු කරයි. මේ දේවල් හැම වෙලාවෙම කරන්න යන්නේ නැහැ. market එක Strong ව Trade profit පැත්තට යනවනම් stoploss hunt කරන්නේ නැහැ. එවිට ඔව්න් trade දිහා බලන්නේ නැහැ.මොකද ඒ වගේ වෙලාවල් වලදී මේ දේවල් කරන්න ගියොත් අහු වෙන්න තියෙන chance එක වැඩයි.

 

දැන් පේනවා නේද ඔයා හිතනවා ඔයා වැරදි position එකක් ගත්තා ඒ නිසා Trade එක stop loss එකෙන් close වෙලා ගියා නමුත් ඇත්ත market එකේ trade කරනම් එය loss එකක් නොවෙන්න තිබ්බා .මොකද market එක stop loss ආසන්නයටම ගිහිල්ලා නැවත හැරෙන්න ඉඩ තිබ්බ.

 

මේ වගේ ප්‍රසිද්ධ Stop loss hunter කෙනෙක් තමයි Hot Forex කියන broker මොවුන් හැකි සැමවිටම stop loss hunt කිරීම සිදු කරයි. මොකද මම මේක අත් දැකීමෙන්ම දන්නවා .මම pepperstone සහ hotforex කියන brokers ලා දෙන්නගෙම Real Account පවත්වාගන ගිහින් තියෙනවා. මම Gbpusd සදහා brokers ලා දෙන්නගෙම  එකම price එකෙන් Order යොදලා තිබ්බේ  කොහොම හරි hotforex වල දාලා තිබ්බ trade එක close උනා මම ටක් ගලා බැලුවා pepperstone එකෙත් close උනාද කියලා ,නමුත් peperstone අනුව stop loss එකට තව පිප 10ක් විතර තිබුනා .ඒ කියන්නේ  pip 8ක් විතර spread එක increase කරලා තමයි මගේ trade එක stop loss hunt කරවලා තියෙන්නේ .පස්සේ මම වැඩේ ටිකක් note එකේ හිටියා ,වැඩේ දිගටම සිදු වෙනවා. මම මුදල් ඔක්කොම withdraw කරල දැම්ම.දන්නා කෙනෙකුටවත් Hotforex සමග trade කරන්න දෙන්න එපා. මේ අය දෙන True ECN කියලා කීවට සම්පුර්ණ බොරුවක් මෙයාලගේ Liquidity provider hot Forex වලම තවත් ආයතනයක් . එකෙන් කරන්නේ ඔයාලගේ සල්ලි එක පොකට්  එයාලගෙම අනිත් pocket එකට දා ගැනීම පමණයි.

ඔබ දිගටම Trade කරන්න හිතන් ඉන්නවනම් පිළිගත් ECN broker කෙනෙක් තෝරා ගන්න .එයාලා කිසිම විටක ඔයාලගේ Trade ගැන හොයලා බලන්නේ නැහැ මොකද එයාලට ඒවා වැඩක් නැහැ. එයාලා කමතයි ඔයාලා profit කරගන account එක grow කරගන්න තරමටම .මොකද එවිට තමයි දීර්ගකාලීනව එයාලගේ පැවැත්ම තියෙන්නේ .

මේ දේවල් ගැන නොදැන වලේ වැටෙන අය ඕන තරම් ඉන්නවා ඇති. අන්න ඒ නිසා මේ පිළිබධව අන් අයත් දැනුවත් කරන්න.එවිට තව තව මේ වගේ post ඔබට කියවන්න ලැබේවි.නැතිනම් අපිටත් මේ වැඩේ ටික කාලෙකින් එපා වෙලා යයි ඔයාලගෙන් ප්‍රතිචාරයක් නැතිනම්.

Thank You !!

Leave A Reply

Your email address will not be published.